Laptop එකක් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද WiFi Hotspot එකක් හදාගන්නේ කියලා. WiFi Hotspot එකක් භාවිතයෙන් ඔබට පුලුවන් ඔබේ laptop එකේ තියන අන්තර්ජාල පහසුකම (internet connection) තවත් device එකක් එක්ක share කරන්න. උදාහරණයක් විදියට ඔබේ smartphone එකෙන් ඔබට අන්තර්ජාලයට යන්න ඕනේ නම්, ඒත් phone එකේ සල්ලි ඉවර නම් ඔබට පුලුවන් laptop එකේ තියන අන්තර්ජාල පහසුකම හරහා phone එකෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න.
හරි, කොහොමද ඉතින් දැන් මේ කියන Hotspot එක හදාගන්නේ? මේ සඳහා ගොඩාක් third party software තියනවා. ඒත් ඒ හැම එකකම පොඩි පොඩි අවුල් තියනවා. සමහර එවා free දෙන්නේ නෑ, trial version විතරයි. සමහර ඒවා එක එක operating systems වලට වැඩ කරන්නේ නෑ. මේ වගේ ප්‍රශ්න තියනවා. ඒත් අද අපි FaveRaves මඟින් ඔයාලට කියලා දෙන්නේ මේ third party software එකක්වත් නැතුව Command Prompt එක හරහා කොහොමද WiFi Hotspot එකක් හදාගන්නේ කියලා. ඉතාමත් සරල පියවර කීපයකින් වැඩේ කරගන්න පුලුවන්.
පියවර 1
මුලින්ම ඔයාලගේ start menu එකට ගිහිල්ලා search bar එකේ 'cmd' කියලා type කරන්න. එතකොට ඔයාලට පහලින් තියන පිංතූරයේ විදියට Command Prompt එක එනවා. ඒක right click කරලා Run as administrator යන්න. ඊට පස්සේ Command Prompt එක open වෙයි.
පියවර 2
මුලින්ම අපි බලන්න ඕනේ ඔයාලගේ laptop එකේ WiFi Hotspot එකක් හදාගන්න පුලුවන්ද කියලා. ඒකට Command Prompt එකේ පහත විධානය type කර enter ඔබන්න.
netsh wlan show drivers
පිංතූරයේ තියන විදියට Hosted network support : Yes කියලා තියනවනම් ඔයාලගේ laptop එකේ Hotspot පහසුකම තියනවා. දැන් පහත තියන විධානය Command Prompt එකේ type කරලා පෙර පරිදිම enter ඔබන්න. මෙහි තියන ssid කියන්නේ ඔයාලගේ WiFi Hotspot එකේ නම. ඒකට ඔයාලට කැමති නමක් දෙන්න පුලුවන්. passowrd එකටත් ඔබ කැමති මුරපදයක් ලබා දෙන්න හැකියාව ඔයාලට තියනවා.
netsh wlan set hostednetwork mode=allow ssid=Hotspotname key=Password
පියවර 3
දැන් ඔබ hosted network එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒක start කරන්න. ඒකට පහත විධානය type කරන්න.
netsh wlan start hostednetwork
සටහන : netsh wlan stop hostednetwork විධානය භාවිතා කිරීමෙන් ඔයාලට අනවශ්‍ය වෙලාවට Hotspot එක ඉවත් කරගන්න ඕනෑම වෙලාවක පුලුවන්.
පියවර 4
දැන් ඔබේ WiFi Hotspot එක සූදානම්. තව ඉතුරු වෙලා තියෙන්නේ ඉතාම සුලු දෙයක්. මුලින්ම පහතින් කියලා තියන විදියට Control Panel හි Change adapter settings වෙත යන්න.
Control Panel -> Network and Internet -> Network and Sharing Center -> Change adapter settings
එහි තියෙන ඔබ දැනට භාවිතා කරන අන්තර්ජාල පහසුකම (internet connection) තෝරාගෙන එය right click කර properties වෙත යන්න. එතකොට ඔබට ලැබෙන window එකේ sharing tab එක තෝරාගෙන එහි තියන "Allow other network users to connect through this computer's internet connection" කියන විධානය click කරන්න. මේ සියලු පියවර පහතින් තියන පිංතූර වලින් පෙන්නලා තියනවා පැහැදිලිව. අපහැදිලි තැනක් තියවනම් ඒ පිංතූර බලන්න.
දැන් ඔබේ WiFi Hotspot එක භාවිතා කරලා අනිත් ඕනෑම device එකකට අන්තර්ජාල පහසුකම ලබාගන්න පුලුවන්. ඔබට තියෙන්නේ WiFi on කරලා ඔබ දීපු නම තියන connection එකට සම්බන්ධ වෙන්න විතරයි.








No comments:
Post a Comment