Breaking News
recent

තත්පරයකින් රූබික් කැටය (Rubik Cube) විසඳන රොබෝ

අද අප ඔබට FaveRaves මඟින් ගෙන එන්නේ ලෝක වාර්තාවක අබියස සිටින නිර්මාණයක් ගැනයි. රූබික් කැටය (Rubik Cube) කියන්නේ අපි හැමෝම දන්න, ඒ වගේම අපි හැමෝම එක පාරක් හරි විසඳන්න උත්සාහ කරලා තියන උපකරණයක්. රූබික් කැටය විසඳන්න විවිධ විද්‍යාඥයින් විවිධාකාරයේ සැලසුම්, එහෙමත් නැත්තම් ඇල්ගොරිදමයන් (algorithms) මේ වන විට හොයාගෙන තියනවා. ඔබටත් පුලුවන් මේ විවිධ සැලසුම් භාවිතා කරලා ඕනෑම රූබික් කැටය සම්බන්ධ ගැටලුවක් විසඳන්න.


මෘදුකාංග ඉංජිනේරු දෙපලක් වන Jay Flatland සහ Paul Rose සමත් වෙලා තියනවා රූබික් කැටය තත්පරයකටත් වඩා අඩු කාලයකින් විසඳන රොබෝ කෙනෙක් නිශ්පාදනය කිරීමට. මෙම රොබෝ මඟින් රූබික් කැටය විස්ඳීමට ගන්නා කාලයේ සාමාන්‍ය තත්පරයක් පමණ වන බව තමයි ඔවුන් පවසන්නේ. සාමාන්‍ය මිනිසෙකු විසින් රූබික් කැටය විසඳීමට ගත වෙලා තියන අවම කාලය වන්නේ තත්පර 4.9ක්. මේ වාර්තාවට හිමිකම් කියන්නේ අවුරුදු 14ක් වයසැති Lucas Etter නම් කුඩා ලමයෙක්. රොබෝ වරයෙක් මඟින් මීට පෙර රූබික් කැටය විසඳන්න ගත කර තිබෙන අවම කාලය වන්නේ තත්පර 2.39ක්.  මෙම වාර්තාව තබා තියෙන්නේ 2015 නොවෙම්බර් මාසයේ. Jay Flatland සහ Paul Rose ට අනුව ඔවුන්ගේ නිර්මාණයෙන් රූබික් කැටය තත්පරයකට වඩා අඩු කාලයකින් විසඳනවා නම් එය ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට ඇතුලු වනු ඇතියි.
දැන් අපි බලමු මෙම විශිෂ්ට නිර්මාණයේ තාක්ෂණික පැත්ත. මෙම උපකරණය සාදා තියෙන්නේ stepper motors 6ක්, ඒවා සම්බන්ධ කිරීමට 3D-printed රාමුවක්, USB Webcams 4ක්, Linux-powered පරිගණකයක් සහ Arduino chip එකක් උපයෝගී කරගෙන. USB Webcams මඟින් රූබික් කැටයේ එම මොහොතේ පිහිටීම නිර්ණය කරන අතර එම තොරතුරු ඉන් පසුව පරිගණකය වෙත යොමු කරනවා. පරිගණකයේ තියෙන මෘදුකාංග විසින් විසඳුමක් සොයාගන්නට භාවිතා කරන්නේ  Kociemba Rubik's Cube solving algorithm නම් ඇල්ගොරිදමය. එයට අනුව ලැබෙන විසඳුම ක්‍රියාත්මක කරන්න මෘදුකාංගය මඟින් උපදෙස් ලබා දෙනවා stepper motors 6ට. පරිගණකය සහ stepper motors සම්බන්ධ වෙන්නේ Arduino chip එකෙන් සහ stepper motors වලට සම්බන්ධ වෙලා තියන motor drivers 6ක් මඟින්. මෙම motor drivers පාලනය කරන්නේ Arduino chip එක මඟින්.


ඔබ Arduino සහ algorithms ගැන දැනුමක් තියෙන අයෙක් නම් ඔබට මේ උපකරණය පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන්. විවිධ පුද්ගලයින් මේ නිර්මාණය පිලිඹඳව විවිද මත පල කරලා තියනවා. සමහරුන් කියන්නේ ඔවුන් ඇල්ගොරිදමය වෙනස් කර නැති බවත්, Arduino මඟින් රොබෝ arms වල වේගය වැඩි කිරීම පමණක් කර ඇති බවත්, ඒ නිසා මෙහි අලුත් දෙයක් නොමැති බවත්. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය සහ මෙම නිර්මාණය අනිවාර්යයෙන්ම අපි අගය කල යුත්තක්. ඔවුන්ට FaveRaves වෙතින් උණුසුම් සුභ පැතුම් !!!

Sources
http://www.iflscience.com/technology/robot-solves-rubiks-cube-just-over-one-second
http://www.gizmag.com/jay-flatland-paul-rose-rubiks-cube-robot/41523/
http://news.discovery.com/tech/gear-and-gadgets/robot-solves-rubix-cube-in-1-second-160126.htm

No comments:

Post a Comment

Powered by Blogger.