Breaking News
recent

පෘථිවිය යනු ග්‍රහයන් දෙදෙනෙකුගේ එකතුවක් !!!


අප අද ජීවත් වන පෘථිවිය ග්‍රහයන් දෙදෙනෙකුගේ එකතුවකින් සෑදී ඇති බව විද්‍යාඥයින් නිශ්චය කරගැනීමට සමත් වෙලා තිබෙනවා. අවුරුදු බිලියන 4.5 කට පෙර, පරණ පෘථිවිය (Early Earth) තවත් කුඩා ග්‍රහයෙකු වන Planet Theia සමඟ සිදුවෙලා තියෙන ඝට්ටනයකින් පසුවයි අප අද ජීවත් වන අලුත් පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ.

මීට ප්‍රථම විද්‍යාඥයින්ගේ විශ්වාසය වුනේ මෙම Theia නම් ග්‍රහයා පෘථිවියේ වැදී විනාශ වී තිබෙන බවත්, එම ග්‍රහයාගෙන් ගැලවුනු කොටසක් මඟින් චන්ද්‍රයා නිර්මාණය වෙලා තිබෙන බවත්. මෙය මේ විදියට සිදුවෙලා නම් චන්ද්‍රයාගේ රසායනික සංයුතියත්, පෘථිවියේ රසායනික සංයුතියත් එකිනෙකට වෙනස් විය යුතුයි.

නමුත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (University of California) මහාචාර්ය වරයෙක් වන Edward Young සහ ඔහුගේ කණ්ඩායම සොයාගෙන තිබෙනවා චන්ද්‍රයාගේ සහ පෘථිවියේ රසායනික සංයුතියන් එකිනෙකට සමාන බව. මේ සඳහා ඔවුන් චන්ද්‍රයාගෙන් ලබා ගත් පාෂාණ පරීක්ෂණයට ලක් කර තිබෙනවා. එහිදී ඔවුන් හොයාගන්න සමත් වෙලා තියනවා චන්ද්‍රයාගේ සහ පෘථිවියේ ඔක්සිජන් සමස්ථානික (oxygen isotopes) එක සමාන බව. ඒ නිරීක්ෂණය අනුව යමින් තමයි මහාචාර්ය Young ඔහුගේ තර්කය යොමු කරන්නේ.

ඔවුන්ගේ තර්කයට අනුව Theia නම් ග්‍රහයා පෘථිවිය සමඟ ඝට්ටනය වී තිබෙන්නේ අංශක 45 ක හෝ ඊට වැඩි ආනතියකින්. මේ ඝට්ටනය ඉතාමත් තදබල එකක් බවයි ඔවුන්ගේ අදහස. ඒ හේතුව නිසාම Theia ග්‍රහයා මුලුමනින්ම පාහේ  පෘථිවිය සමග එකතුවී ඇති බවත් ඒ හා සමගම පෘථිවියෙන් වෙන් වූ කොටසක් මඟින් චන්ද්‍රයා සෑදී තිබෙන බවත් තමයි සොයාගෙන තියෙන්නේ. මෙම ඝට්ටනය වෙලා තියෙන්නේ පෘථිවිය සෑදී වසර මිලියන 100 ක් පමණ ගතවුනාට පස්සේ. මහාචාර්ය Young පවසන ආකාරයට Theia ග්‍රහයාගේ ප්‍රමාණය වර්තමාන අඟහරු ග්‍රහයාගේ (Mars) ප්‍රමාණය හා සමානයි. ඔහු තවදුරටත් කියා සිටින්නේ මේ ඝට්ටනය සිදු වුනේ නැතිනම් Theia ග්‍රහයා, අද සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහලෝකයක් වන්නට තිබුනා කියා.


ඒ කෙසේ නමුත් මේ සොයාගැනීම තාරකා විද්‍යාඥයින්ට ඉතා වැදගත් සොයාගැනීමක් වෙනවා නොඅනුමානයි.

Sources
http://www.telegraph.co.uk/news/science/space/12129549/Earth-is-actually-two-planets-scientists-conclude.html
http://metro.co.uk/2016/01/29/earth-is-actually-two-planets-scientists-conclude-5651400/

No comments:

Post a Comment

Powered by Blogger.