ලේසියෙන්ම YouTube වීඩියෝ බාගත කරගමු
YouTube කියන්නේ අපි හමෝම නිතරම වගේ බලන channel එකක්. YouTube එකේ වීඩියෝ download කරගන්න එහෙමත් නැත්නම් බාගත කරගන්න අපි නොයෙක් විදිහේ software පාවිච්චි කරනවා. සමහරු විවිධාකාරයේ plugins, add-ons තමන්ගේ වෙබ් බ්‍රව්සරයට add කරගන්නවා. ඒත් ඔයාලගේ අත්දැකීම් අනුව දන්නවා ඇති මේ software හෝ plugins සෑමවිටම හරියන්නේ නැති බව.
අද අපි FaveRaves මඟින් ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම ආකාරයක software හෝ plugins නොමැතිවම YouTube වීඩියෝ ලේසියෙන්ම බාගත කරගන්න විදියක් ගැන. ඒ තමයි savefrom.net කියන වෙබ් අඩවිය හරහා. මේ savefrom.net වෙබ් අඩවිය මඟින් ආකාර දෙකකට YouTube වීඩියෝ download කරගන්න පුලුවන්.
පලමු ක්‍රමය
මුලින්ම ඔයාලා download කරගන්න ඕනේ YouTube වීඩියෝ එකට යන්න ඔයාලගේ වෙබ් බ්‍රව්සරය හරහා. ඊට පස්සේ පහතින් තියන රූපයේ විදියට ඔයාලගේ mouse pointer එක URL එකේ www. හා youtube කියන තැන් දෙක අතරමැද්දට තියලා ss කියලා ට්යිප් කරගන්න.
ඊට පස්සේ enter කරන්න. දැන් ඔයාලගේ වීඩියෝ එක savefrom.net හරහා open වෙනවා ඔයාලට පෙනෙයි. පහත රූපයේ තියන විදියට ඔයාලට පුලුවන් දැන් කැමති resolution එකක් භාවිතා කරලා YouTube වීඩියෝ එක බාගත කරගන්න. ඒ සඳහා Download button එක press කිරීම පමණයි කරන්න තියෙන්නේ.
දෙවෙන ක්‍රමය
මේ ක්‍රමය හරහා මුලින්ම ඔයාලා savefrom.net කියන වෙබ් අඩවියට යන්න. ඊට පස්සේ ඔයාලට download කරගන්න ඕනේ YouTube වීඩියෝවේ link එක copy කරගෙන savefrom.net වෙබ් අඩවියේ තියන Just insert a link කියන text box එකට paste කරගන්න. දැන් enter ඔබන්න. කලින් විදියටම ඔයාලගේ වීඩියෝ එක savefrom.net හරහා open වෙනවා දැකගන්න පුලුවන්. දැන් පෙර ලෙසම Download button එක click කරන්න විතරයි තියෙන්නේ.
මේ අපි කියලා දුන්න ක්‍රමය මඟින් ඔයාලට පහසුවෙනම ඕනම YouTube වීඩියෝ එකක් බාගත කරගන්න පුලුවන්. ඒකට කිසිම ආකාරයක software හෝ plugin අවශ්‍ය වෙන්නේ නෑ.




No comments:
Post a Comment