Breaking News
recent

Localhost එකක් setup කරගන්නේ කොහොමද? (How to Setup a Localhost)


මීට පෙර ලිපියකින් අපි ඔබට Web sites ගැන මූලික අවබෝධයක් ලබා දුන්නා. අද අපි බලමු කොහොමද ඔයාලගෙ PC එකේ එහෙමත් නැත්නම් පෞද්ගලික පරිගණකයේ localhost එකක් setup කරගන්නේ කොහොමද කියලා.

localhost එක setup කරගැනීමේ පියවරට යන්න කලින් අපි මුලින්ම බලමු මොකක්ද localhost එකක් කියන්නේ කියලා. localhost කියන්නේ loopback network interface එකකට ලබා දෙන standard hostname එක . localhost කියන වචනයේ තේරුම තමයි "මේ පරිගණකය" (this computer) කියන එක.  localhost කියන hostname එක අපි IP Address එකකට covert කලොත් අපිට ලැබෙන්නේ 127.0.0.1 කියන IP Address එක. එතකොට මොකක්ද මේ loopback network interface එකක් කිව්වේ. නම සංකීර්ණයි වගේ පෙනුනට මේකෙන් කියවෙන්නේ සරල දෙයක්. loopback network interface එකක් කියන්නේ ඔයාලගේ computer එකේ තියන virtual interface එකක් system management සඳහා භාවිතා කරන. එතකොට මේක තියෙන්නේ virtual environment එකක් විදියට, ඔයාලගේ පරිගණකය මඟින් simulate කරලා තමයි පෙන්නන්නේ. මේ පැහැදිලි කිරීම තේරුම් ගන්න අමාරුයි නම් බය වෙන්න එපා. Web Development වලට මේ සමස්ත පැහැදිලිකිරීම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය නෑ. Web Development වලට අදාලව localhost කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීම ප්‍රමාණවත්. අපි ඊලගට බලමු ඒ පැහැදිලිකිරීම.

කලින් Web sites ගැන මූලික අවබෝධයක් ලබා දුන් ලිපියේදි අපි කිව්වා web site එකක් host කරන්න web hosting service එකක් (වෙබ් සත්කාරක සේවාවක්) අවශ්‍ය වෙනවා කියලා. නමුත් අපි web site එකක් develop කරන හැම වෙලේම ඒ develop කරපු site එක test කරන්න web hosting service එකක් සල්ලි දීලා ගන්න අමාරුයි. ඒකට විසඳුමක් විදියට තමයි localhost තියෙන්නේ. localhost එකක් මඟින් අපිට virtual server environment එකක් හදලා දෙනවා අපේ local machine එකේ. ඒක භාවිතා කරලා අපිට පුලුවන් web site එක host කලාම කොහොමද වැඩ කරන්නේ කියලා locally test කරලා බලන්න. localhost එකේදී අපේ server side scripts ඔක්කොම run කරලා බලන්න පුලුවන්. ඔයාලට තේරෙනවා ඇති localhost එකක් තිබීමේ වැදගත්කම.

දැන් ඔයාලට localhost එකක් කියන්නේ මොකක්ද කියලා මූලික අවබෝධයක් තියනවා. ඊලගට අපි බලමු කොහොමද ඔයාලගේ පරිගණකයක localhost එකක් setup කරගන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ Apache HTTP server, MySQL, PhpMyAdmin සහ PHP කියන දේවල් කිහිපය. මූලිකවම ක්‍රම දෙකක් භාවිතා කරලා localhost එක setup කරගන්න පුලුවන්. එකක් තමයි අවශ්‍ය කරන software වෙන වෙනම භාගත කරගෙන install කරගන්න එක. අනිත් ක්‍රමය තමයි අවශ්‍ය කරන software ඔක්කොම තියන package එකක් එක පාර install කරන එක. දෙවෙනි ක්‍රමය තමයි පහසුම. ඒක නිසා අපි දෙවෙනි ක්‍රමය භාවිතා කරමු. මෙහිදී කලින් කිව්වා වගේ අවශ්‍ය software තියන package එකක් තමයි තියෙන්නේ. මෙවැනි packages කීපයක් තියනවා ඔයාලට භාගත කරගන්න පුලුවන්. LAMP, WAMP, MAMP සහ XAMPP කියන්නේ ඒ packages වල නම්. මොනාද එතකොට මේ packages වල වෙනස. මූලිකවම වෙනස් වෙන්නේ මේ එක එක package install කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතිය (Operating System). පහත සඳහන් වෙන්නේ එක එක package එකට අදාල OS එක.
  1. LAMP      -> Linux Apache MySQL PHP
  2. WAMP     -> Windows Apache MySQL PHP
  3. MAMP     -> Mac Apache MySQL PHP
  4. XAMPP   -> Crossplatform(X) Apache MySQL PHP Perl
මේ ආකාරයට ඔයාලට ඔයාලගේ OS එක අනුව package එකක් තෝරාගන්න පුලුවන්. XAMPP package එක ඕනෑම platform එකක භාවිතා කරන්න පුලුවන් නිසා අපි XAMPP install කරගන්න විදිහ බලමු. මුලින්ම ඔයාලා apachefriends.org කියන web site එකට ගිහින් ඒකේ Download link එකට යන්න. එතනින් ඔයාලට පුලුවන් ඔයාලගේ OS එක අනුව ඊට අදාල XAMPP .exe file එක download කරගන්න.


Download කරගෙන අවසාන වුනාට පස්සේ ඒ file එක double click කරලා සාමාන්‍ය software installation එකක් විදියටම XAMPP install කරගන්න. Installation එක ඉවර වුනාට පස්සේ ඔයාලට පුලුවන් XAMPP control panel එක open කරගන්න. දැන් පහත රූපයේ තියන විදියට Apache සහ MySQL start කරගන්න.



දැන් ඔයාලගේ machine එකේ Apache සහ MySQL run වෙනවා වෙන වෙනම ports දෙකක් හරහා. ඊට පස්සේ ඔයාලගේ web browser එකට ගිහින් address bar එකේ localhot කියලා, එහෙමත් නැත්නම් 127.0.0.1 කියලා type කරලා enter කරන්න. දැන් XAMPP Welcome page එකට redirect වෙනවා දකින්න පුලුවන්.


phpMyAdmin එකෙන් තමයි ඔයාලගේ website වල හෝ  web system වල databases හදාගන්නේ. අපි ඉදිරියේදී ඒ සියල්ල ගැන කතා කරමු කොහොමද database එකක් හදාගන්නේ, කොහොමද website එකක් localhost එකේ develop කරන්නේ ඇතුලු සියලුම දේවල්.

අවසාන වශයෙන් අපි බලමු සරල php script එකක් localhost එක හරහා run කරගන්නේ කොහොමද කියලා. ඒකෙන් ඔයාලට මේ පිලිබඳව මූලික දැනීමක් ලබාගන්න පුලුවන්. මුලින්ම XAMPP install කරගත්ත directory එකේ htdocs කියන  directory එකට යන්න. සාමාන්‍යයෙන් තියන default path එක තමයි පහතින් සඳහන් කරලා තියෙන්නේ. මේක ඔයාලගේ machine එකෙන් machine එකට වෙනස් වෙන්න පුලුවන්.

C -> xampp -> htdocs

දැන් htdocs directory/folder එක ඇතුලේ ඔයලා කැමති නමකින් තවත් directory/folder එකක් හදාගන්න (උදා: Test). ඒ directory එක ඇතුලට ගිහින් දැන් sample.php කියලා file එකක් හදාගන්න. ඒ file එකේ extention එක .php වෙන්න ඕනේ. ඒක වැදගත් වගේම අනිවාර්යයි. ඊට පස්සේ sample.php කියන file එක notepad එකෙන් open කරගන්න. දැන් පහතින් තියන code එක copy and paste කරගෙන file එක save කරගන්න.

<?php
     echo "<h1>localhost is successfully configured.</h1>";
?>

දැන් ඔයාලට තියෙන්නේ කලින් වගේම web browser එක open කරගෙන address bar එකේ පහතින් තියන url එක type කරගෙන enter කරන්න.

localhost/Test/sample.php

Result එක පහත තියෙන රූපයේ විදියට ආවොත් ඒ කියන්නේ ඔයාලගේ localhost එක එහෙමත් නැත්නම් local server එක හරියට වැඩ කරනවා. අපි මේ ගැන වැඩිදුර පැහැදිලිකිරීම් එක්ක ඉස්සරහට ඉගෙන ගනිමු. දැන් එහෙනම් ඔයාලා සාර්ථකව ඔයාලගේ පරිගණකයේ localhost එක setup කරගෙන ඉවරයි. මේ ගැන ඔයාලට තියන ප්‍රශ්න සහ අදහස් අපිට යොමු කරන්න අමතක කරන්න එපා.

1 comment:

  1. ඕකේ අපිට html ෆයිල් හදන්න බැරිද? PHP ෆයිල් එකක්ම හැදුවේ මොකද? index.html වගේ ෆයිල් වැඩ කරන්නේ නැද්ද?

    ReplyDelete

Powered by Blogger.