පිකාසා (Picasa) ඡායාරූප සංස්කරණ සහ හැසිරවීමේ මෘදුකාංගය අපි හැමෝම දන්න, ගොඩක් දෙනෙක් භාවිතා කරන දැනට ලෝකයේ ප්‍රසිද්ධ සේවාවක්. මෙම සේවාව අපිට සපයන්නේ Google සමාගම මඟින්. නමුත් ඉකුත් පෙබරවාරි 12 වෙනිදා Google සමාගම පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ඉදිරි මාර්තු මස සිට මෙම සේවාව නවත්වන බව. ඒ අනුව මෙම මාර්තු මස සිට පිකාසා මෘදුකාංගය යාවාත්කාල (update) වීම නවතිනු ඇතියි. ඒ වගේම මැයි මස සිට පිකාසා වෙබ් ඇල්බමය සංස්කරණ කල නොහැකි වනු ඇතියි.
මේ තීරණයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ Google සමාගම මඟින් 2015 වසරේ හඳුන්වා දෙන ලද ඔවුන්ගේ අලුත්ම Google Photos නමින් හඳුන්වන සේවාව. ඔවුන් කියන අකාරයට පිකාසා සේවාව නවතා ඉදිරියේදී ඔවුන්ගේ අවධානය මුලුමනින්ම Google Photos සේවාව වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පිකාසා මුලින්ම ආරම්භ වුනේ 2002 වර්ෂයේ. 2004 වර්ෂයේදී Google සමාගම මඟින් එය මිලට ගත්තා. එතැන් සිට අද වන තෙක්ම පිකාසා ඉතාමත් ජනප්‍රිය සේවාවක් බවට පත්වුනා. ඒ නිසා Google හි මෙම තීරණයට පිකාසා රසිකයන්ගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙයිද කියන්න අමාරුයි.
ඒ කොහොම වුනත් Google කියා සිටින්නේ පිකාසා භාවිතා කරන්නන්ට මෙයින් කිසිඳු බලපෑමක් නොවන බව. ඔවුන්ට තියෙන්නේ පිකාසා වෙනුවට Google Photos භාවිතා කරන්න. ඔබ පිකාසා වෙබ් ගිනුමක් සාදාගෙන එයට පිංතූර upload කරන අයෙක් නම් ඔබට තියෙන්නේ Google Photos වෙත පිවිසෙන්න පමනයි. ඔබගේ පිකාසා ගිනුමේ තිබෙන සියලුම ඡායාරූප මෙහිදී ලබාගත හැකියි.
අවසානයට Google ආයතනය පවසන්නේ ඔවුන් මෙම තීරණයට පැමිණියේ තමන්ගේ රසිකයන්ට වඩාත් හොඳ සේවාවක් සහ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් බවත් මෙයින් පිකාසා භාවිතා කරන්නන්ට යම් අපහසුවක් සිදු වෙනවා නම් එයට කාරුණිකව සමාව අයදින බවත්. ඒ කෙසේ වෙතත් දැනටමත් බොහෝ දෙනෙක් Google Photos භාවිතා කරන්න පටන් අරගෙන. එය ඉදිරියේදී පිකාසා වලටත් වඩා ජනප්‍රිය සේවාවක් වනවා නොඅනුමානයි.
Sources
http://googlephotos.blogspot.co.uk/2016/02/moving-on-from-picasa.html
http://www.theverge.com/2016/2/12/10980882/google-picasa-photo-app-shut-down-may-2016
http://www.theverge.com/2016/2/12/10980882/google-picasa-photo-app-shut-down-may-2016


No comments:
Post a Comment